අටපිරිකර විකුණන මුවාවෙන් තඹුත්තේගමදී ගංජා මිශ්‍ර මත්ගුළි විකුණලා - සැකකරුවන් මාට්ටු
අටපිරිකර සහ පූජා භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මත්ගුළි ජාවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසිය සමත්ව තිබේ.
තඹුත්තේගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පූජා භාණ්ඩ වෙළෙඳසලක හිමිකරුවෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ප්‍රසාදය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ (02) තඹුත්තේගම රැජින හන්දියේදී විරෝධතාවක නිරත වූ බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි මහත්මිය නියෝග කළේ මොහු ලබන අප්‍රේල් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
තවද, මේ සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස්වරයාගේ මතය විමසා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද එහිදී නියම කෙරිණි.
පූජනීය භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් සිදුකළ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පොලිසියට සිය ස්තූතිය පළ කර සිටිති.