සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය ගැන ඇහෙන අලුත්ම පුවත! තොරතුරු දුන්නොත් මුදල් තෑගි!!!

Sri Lanka Police Sri Lanka Magistrate Court Crime
By Gagana News Feb 24, 2025 10:59 AM GMT
Gagana News

Gagana News

Report

ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටින සැකකාරියගේ තවත් ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

පසුගිය පෙබරවාරි මස 19 වන දා උදෑසන අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන වෙඩි තබා ඝාතනය කළේය.

එහිදී වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් මෙම සැකකාරිය හඳුනා ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහාය ඉල්ලමින් මෙම ඡායාරූප නිකුත් කර තිබේ.

ජාතික හැඳුනුම්පත් අංක 995892480V දරණ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන සැකකාරිය අවුරුදු 25ක් වූ 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකි.

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය ගැන ඇහෙන අලුත්ම පුවත! තොරතුරු දුන්නොත් මුදල් තෑගි!!! | Ganemulla Sanjeewa Murder Sevvandi Photos

මෙම සැකකාරිය හඳුනා ගැනීම සඳහා ඇගේ මෑත කාලයේ ලබාගත් ඡායාරූප කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස සොයා ගෙන තිබේ.

ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

ඉහත සැකකාරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොතේ පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය - 071 8591727

ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය - 071 891735

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය ගැන ඇහෙන අලුත්ම පුවත! තොරතුරු දුන්නොත් මුදල් තෑගි!!! | Ganemulla Sanjeewa Murder Sevvandi Photos

මෙම සැකකාරිය පිළිබඳ සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබේ.

එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පොලීසිය කටයුතු කරනු ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.   

සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය ගැන ඇහෙන අලුත්ම පුවත! තොරතුරු දුන්නොත් මුදල් තෑගි!!! | Ganemulla Sanjeewa Murder Sevvandi Photos

මිද්දෙණියේ ඝාතන සිද්ධියේ පිටපත අවුල්? අසේලගේ චෝදනාවක්

මිද්දෙණියේ ඝාතන සිද්ධියේ පිටපත අවුල්? අසේලගේ චෝදනාවක්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් ලබන 7වනදා දක්වා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් ලබන 7වනදා දක්වා රිමාන්ඩ්

ReeCha