අල්ලස් දෙන්න ගිය ගනේමුල්ල සංජීවගේ නීතිඥවරියට වැඩ වැරදෙයි.. ලීක් වුණ හඬ පටය එළියට.. (VIDEO)
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශනයකට අදාළව මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගොස් ඇත.
ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ සොයා බැලීමටයි.
එහිදී ගනේමුල්ල සංජීවගේ ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් බවට සඳහන් කරන කාන්තාවක් නිලධාරින් සිටින ස්ථානයට පැමිණ තිබෙනවා.
එහිදී අදාළ නිවස පරික්ෂා නොකරන ලෙසට එම නිලධාරීන්ගෙන් ඇය ඉල්ලා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කළේ ය.
අදාළ සිද්ධියට සම්බන්ධ නීතිඥවරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වේ.
නීතිඥවරියගේ උත්සාහය ව්‍යර්ථ වූ පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් ලබාදීමට ඇය උත්සාහ කර ඇති බව සඳහන් වේ.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් වී ඇත.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවටයි.
සිවිල් ඇඳුමින් සැරසී තිදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ පොලිස් නිළධාරියා ගැන දුන් අධිකරණ නියෝගය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)
මේ වන විට එම නීතිඥවරිය විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කරන දුරථකන ඇමතුමක හඬ පටයක් ද ලැබී තිබෙනවා.
කෙසේ වෙතත්, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව දැනට රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටියි.
එම හඬ පටය පහතින්,
.
Sponsored By Sarrita Jewellery