ඥාණක්කාගේ දේවාලයට මැදියම් රැයේ සිදුවූ දේ මෙන්න.
ඉහළපෙලේ ප්‍රභූන්ගේ ජ්‍යෝතිෂ කටයුතු සඳහා ප්‍රසිද්ධියක් උසුලන අනුරාධපුරයේ ඥාණක්කා නම් කාන්තාව විසින් පවත්වාගෙන දේවාලයේ වැඩ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.
මෑතකදී ඇති වූ විරෝධතා සහ එම දේවාලය වැටලීමට විරෝධතාකරුවන් කටයුතු කිරීමත් සමග ඥාන අක්කා ආගිය අතක් නැතිව අතුරුදහන් විය.
එම දින කිහිපය පුරාම ඇයගේ දේවාලයත් නිවසක් ආරක්ෂාව සඳහා දිවා රාත‍්‍රියේ පොලිස් ආරක්‍ෂාව යොදවා තිබිණි.
ප‍්‍රදේශවාසීන් සඳහන් කරන්නේ අතුරුදන්වූ දින කිහිපයේම ඇය රැඳී සිට ඇත්තේ අනුරාධපුර නගරයට ආසන්න යුධ හමුදා කඳවුරක සුඛෝපභෝගී නිල නිවසක බවයි.
පසුගිය මැයි 3 දා සිට ඇය නැවත තම දේවාලයට පැමිණ එහි කටයුතු ආරම්භ කර තිබේ.
ඇයගෙන් සේවාව ලබාගැනීම සඳහා ඉහළ මට්ටමේ දේශපාලනඥයින් කිහිප දෙනකු ද මෙම දින කිහිපය තුළ පැමිණ ඇති අතර ඔවුන් පැමිණ ඇති බොහෝ රෑ බෝ වී වීමෙන් පසු බව ද ප්‍රදේශවාසීන් කියා සිටිති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
