අපි 2027 අවසන් වන විට IMF එකෙන් අයින් වෙලා ජනතාවට තවත් සහන දෙනවා - ටී.බී. සරත්

Report

ඉදිරි 2027 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහායක වැඩසටහනෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට නියමිත බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සහ රාජ්‍ය නිලධාරීන් මුහුණදෙන ජීවන බර ලිහිල් කිරීමේ ප්‍රමුඛ අරමුණින්, වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

'' තමන් කරපු අපරාධ දන්න කෙනෙක් අත්අඩංගුවට ගනීවී කියලා බයවෙලා ඉන්න එක සාධාරණයි '' නාමල්ගේ කතාවට නලින්දගෙන් පිළිතුරු

'' තමන් කරපු අපරාධ දන්න කෙනෙක් අත්අඩංගුවට ගනීවී කියලා බයවෙලා ඉන්න එක සාධාරණයි '' නාමල්ගේ කතාවට නලින්දගෙන් පිළිතුරු

ඒ අනුව පසුගිය අයවැය ලේඛන මඟින් අදියර කිහිපයකින් වැටුප් ඉහළ දැමූ අතර, එළඹෙන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව අයවැය මඟින් ද රුපියල් දසදහසකට ආසන්න මුදලකින් රාජ්‍ය සේවක වැටුප් නැවත වරක් වැඩි වන බව ඒ මහතා සඳහන් කළේය.

මීට පෙර රුපියල් 17,000ක් ලෙස පැවති රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප, මෙම අඛණ්ඩ සංශෝධනත් සමඟ ලබන වසර වන විට රුපියල් 40,000 ඉක්මවා යන පරිදි සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන බව ද හෙතෙම පැහැදිලි කළේය.

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

උදෑසන 5.30ට නිකුත් කළ නිවේදනයක් - අද දවල් 12:08 ට වෙන්න යන දේ මෙන්න

රාජ්‍ය සේවකයින් වැටුප් පිළිබඳ දැඩි පීඩනයකින් තොරව සිය රාජකාරි ඉටුකිරීම කාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රණයකට අත්‍යවශ්‍ය සාධකයක් බවත්, වත්මන් රටේ ආර්ථිකයට දරාගත හැකි උපරිම මට්ටමින් මෙම වැටුප් වැඩිකිරීම් සිදුකර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.