දුරගමන් බස්වලට AI තාක්ෂණය එයි - රියදුරුගේ නිදිමත ගැනත් පද්ධතියෙන් අනතුරු ඇඟවීම්

Report

දුරගමන් සේවා පෞද්ගලික බස් රථවල මගීන්ගේ මෙන්ම රියදුරන්ගේද ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සම්බන්ධීකරණයෙන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේදී දුරගමන් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් සවිකිරීමේ කටයුතු අද (5) සිදුකෙරිණි.

පිළියන්දල ප්‍රදේශයේ නිවසක ගින්නක් - ගින්න නිවන්න දැඩි උත්සාහයක්

පිළියන්දල ප්‍රදේශයේ නිවසක ගින්නක් - ගින්න නිවන්න දැඩි උත්සාහයක්

මූලික අදියරේදී බස් රථ 10ක් සඳහා මෙම AI පද්ධති සවිකිරීමට නියමිත අතර, ඒවායේ සාර්ථකත්වය සහ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව දිවයින පුරා ධාවනය වන අනෙකුත් බස් රථ සඳහාද මෙම තාක්ෂණය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.

මෙම තාක්ෂණය මඟින් රියදුරන්ට දඬුවම් කිරීම හෝ ඔවුන් වැරදිකරුවන් කිරීම වෙනුවට, ගමන ආරම්භයේ සිට අවසානය දක්වා බස් රථයේ අභ්‍යන්තරය සහ රියදුරු නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලැබේ.

ධාවනය අතරතුර රියදුරුට නිදිමත හෝ අධික වෙහෙසකාරී තත්ත්වයක් ඇතිවීම, ජංගම දුරකථනය භාවිත කිරීම, ආසන පටි නොපැළඳීම වැනි අනාරක්ෂිත ක්‍රියා සිදුවන බව අනාවරණය වුවහොත්, ‘Voice Message’ මඟින් රියදුරුට අනතුරු ඇඟවීමේ පණිවුඩ නිකුත් කිරීමට මෙම පද්ධතියට හැකියාව පවතී.

ඒ මඟින් රියදුරන්ගේ අවධානය යොමු කර අනතුරු වළක්වා ගැනීමටත්, මගීන්ට වඩාත් ආරක්ෂිත ගමනාගමන සේවාවක් සැපයීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වගාවට දැමූ තහනම ඉවතට.. රජයෙන් ගන්න යන නවතම තීරණය මෙන්න

මේ වගාවට දැමූ තහනම ඉවතට.. රජයෙන් ගන්න යන නවතම තීරණය මෙන්න