බිහිසුණු මාරක අනතුරක් - එක අයෙක් ජීවිතක්ෂයට
ගම්පහ, උඩුගම්පොළ - කොටුගොඩ මාර්ගයේ කෙහෙල්බද්දර මංසන්ධියේදී අද (31) දින උදෑසන 6:00ට පමණ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු මිය ගොස් ඇත.
ඒ අනුව ගම්පහ පොලිසිය වාර්තා කළේ උඩුගම්පල දෙස සිට කොටුගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, මාර්ගයේ අයිනේ සිටි පුද්ගලයෙකු යට කරගෙන අසල තිබූ වෙළඳසැලක ගැටීමෙන් අඳාළ අනතුර සිදුව තිබෙන බවයි.
ඒ අනුව මියගොස් ඇත්තේ කෙහෙල්බද්දර පදිංචිකරුවෙක් බව සඳහන්.
ගම්පහ පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති චමින්ද පින්තූ විසින් කාර් රථය පැදවූ තරුණයාට (23) නින්ද යාම අනතුරට හේතුවන්නට ඇතැයි අනුමාන කරන බව පැවසුවා.
එසේම අනතුර සිදුවන විට රියදුරුගේ මව සහ සහෝදරියද කාර් රථයේ ගමන් කර තිබෙන අතර අනතුරින් රියදුරුගේ මවටද තුවාල සිදුව ඇත.
කෙසේ වෙතත් කාර් රථය පැදවූ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙන අතර ගම්පහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සඳහන්.