ගම්පහ හරක් සොරකම දරුණු වෙයි..

Gampaha Sri Lanka
By krishani Apr 19, 2023 06:20 AM GMT
krishani

krishani

Report

ගම්පහ දිස්ත්‍රික්කයේ ගවයන් අවම වශයෙන් හයක් හෝ හතක් දිනපතා සොරකම් කරන බවට වාර්තා වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පළාත් කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ, මේ සතුන් දිනකට කිරි ලීටර් 15 - 30 අතර, ප්‍රමාණයක් ලබා දෙන එළදෙනුන් බව යි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ, අඩුම මාසයකට පමණක් කිරිදෙනුන් 35- 40 අතර ප්‍රමාණයක් සොරකම් කරන බවට වාර්තා වී ඇත.

ඒ අනුව රාත්‍රී කාලයේ දී ගවමඩුවල බැඳ සිටින කිරිදෙනුන් මෙසේ පැහැරගෙන යන බව වාර්තා වන්නේ.

කෙසේවෙතත් දිවයිනේ සිදුවන හරක් සොරකම් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනට සිදු කරන රාත්‍රී කාලයේ මුර සංචාර කටයුතු ඉහළ දැමීම මෙන්ම ගව සොරුන්ට දැනට ලබා දෙන දඬුවම් ඉහළ නැංවීම සම්බන්ධව පොලිස්පතිටත්, ආරක්ෂක රාජ්‍ය ඇමතිටත් කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙස ඇමති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join