උපුල් දෙණිය කියන්නේ සාධාරණ නිලධාරියෙක්..ගම්මන්පිල සංවේදී වෙයි.
අනීතිකව මූල්‍යමය වංචාවකට හසුවූ පුද්ගලයකුට ජනපති සමාව යටතේ කූට ආකාරයෙන් නිදහස ලබා දුන්නා යැයි චෝදනාවකට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ තුෂාර උපුල්දෙණිය මහතා අත්අඩංගුවට පත්වුණා.ඒ අනුව ඔහු වැඩිදුරටත් ජූනි මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
මේ සම්බන්ධයෙන් විපක්ෂයේ බොහෝ දෙනා අදහස් ඉදිරිපත් කළ අතර තුෂාර උපුල් දෙනිය මහතා සාධාරණ නිලධාරියෙක් බව ඒ අතරින් බහුතරයක් දෙනා සඳහන් කළා.ඒ සියලු දෙනා අතරින් උදය ගම්මන්පිල ඇමතිතුමාත් ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්නත් අමතක කළේ නැහැ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ රජයේ පදයට නටන නිලධාරියෙක් එම තනතුරට පත් කර ගැනීමේ වුවමනාව වෙනුවෙන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. මේ හේතුවෙන් තුෂාර උපුල්දෙණිය සෘජුව සම්බන්ධ නොමැති කාරණාවකට ඔහුට අත්අඩංගුවට පත්වීමට සිදුව ඇති බවත්, තුෂාර උපුල්දෙණිය යනු දේශපාලකයින්ට කඩේ නොයන, දේශපාලඥයින්ට අවශ්‍ය පරිදි නැටවෙන්නේ නැති, සෘජු නිලධාරියෙක් බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියා පටිපාටිය අනුව ජනාධිපති සමාව ලබාදුන් ලේඛණයට පසුව නමක් එක් කිරීමට හැකියාව ඇත්තේ හතරදෙනෙකුට පමණක් බවද, ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හෝ අදාළ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයාට එලෙස පසුව නමක් එක් කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළා.
අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට ගන්නේ වැරැද්ද සිදුකළ පුද්ගලයා ලෙස බවත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගන්නේ වගවීමේ මූලධර්මය යටතේ නම් ඔහුට ඉහළින් අත්අඩංගුවට ගැනීමට ජනාධිපති ලේකම් හා අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ද සිටින බවයි හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
