"කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ" - ආණ්ඩුවේ තෙල් මිල අඩුකිරීම් රෙද්ද ගලවමින් ගම්මන්පිලගෙන් ආණ්ඩුවට කනේ පාරක්
පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී එහි නායක උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවේ ඉන්ධන මිල ප්‍රතිපත්තිය හා දේශීය බලශක්ති සම්පත් සම්බන්ධයෙන් දැඩි විවේචන ඉදිරිපත් කර තිබේ.
තෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් පියවර “කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වැනි සොච්චමක්” බව ඔහු සඳහන් කළේය. ලෝකයේ බොර තෙල් මිල යුද සමයේ පැවති මට්ටමට වඩා පහත බැස ඇති බැවින්, යුදයට පෙර පැවති මිලට ඉන්ධන ලබාදිය හැකි බවද ඔහු කියා සිටියේය.
රජය “අධික මිලට තෙල් මිලදී ගෙන ඇති බව” පවසමින් එල්ල කරන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළ අතර, ඒවා “බොරුවක්” බවද සඳහන් කළේය. ලෝක වෙළඳපොළේ මිල පහළ යන අවස්ථාවලදී පවා ශ්‍රී ලංකාව වැඩි මිලකට තෙල් මිලදීගෙන ඇති බවටද ඔහු චෝදනා කළේය.
මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ස්වභාවික වායු සම්පත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එහි තෙල් ටොන් මිලියන දෙකක් පමණ සහ ස්වභාවික වායු විශාල ප්‍රමාණයක් පවතින බවත්, එහි ආර්ථික වටිනාකම ඩොලර් බිලියන සිය ගණනක් පමණ වන බවත්ය. එම සම්පත් නිසි ලෙස භාවිත කළහොත් රටේ ණය බරට විශාල විසඳුමක් ලැබිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මීට පෙර ආණ්ඩු සමයේ තෙල් කැනීම් සම්බන්ධයෙන් විවිධ සැලසුම් තිබූ බවත්, විදෙස් සමාගම් සමඟ ඇතිවූ ගිවිසුම් පසුව අවලංගු වූ බවත් ඔහු සඳහන් කළේය.
ආරක්ෂක හා නීතිමය කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අධිකරණ නියෝගවලට ගරු කරන බවත්, එහෙත් ඇතැම් තීන්දු සම්බන්ධයෙන් එකඟ නොවී නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අභියෝග කරන බවත්ය.
අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්
බුද්ධි තොරතුරු හා සංවේදී දත්ත සම්බන්ධ නඩු වලදී මුරපද ලබා නොදීම සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ, එවැනි තොරතුරු හෙළි වුවහොත් ආරක්ෂක අංශවලට හා සම්බන්ධ පුද්ගලයින්ගේ ජීවිතවලට අවදානමක් ඇතිවිය හැකි බවයි. එම නිසා එම තොරතුරු රහසිගතව තබා ගැනීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, අධිකරණ නියෝගයට ගරු කරමින් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නීතිඥයින් මගින් සිදු කරන බවද ඔහු අවධාරණය කළේය.