චමින්දගේ වැඩ තහනම නිසා මේ කථානායකත් වැඩ වරද්ද ගෙන - වැඩ තහනම් කළ ඇත්තම හේතුවත් එළියට

Report

පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් කථානායකවරයා විසින් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩ තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත.

එහිදී ඔහු සඳහන් කළේ එසේ කිරීමට කථානායකවරයාට බලතල නැති බවයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "දිනපතා නාඩගම් රඟපාමින් රටට විහිළු සපයන මාලිමා ආණ්ඩුවේ අළුත්ම ප්‍රහසනය තමයි කථානායක කෝලම. කථානායකවරයා ඉතිහාසය අළුතින් ලියමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩ තහනමට ලක් කර තිබෙනවා. ඒ වැඩ තහනම තුළින් කථානායකවරයා තමන්ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කරලා තිබෙනවා. මේ තීන්දුවේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා. මුලින්ම, නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ විනය බලධරයා වෙන්නේ මහ ලේකම්වරයා මිස කථානායකවරයා නොවේ. ඒ නිසා කථානායකවරයාට කිසිම බලයක් නෑ නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩ තහනමකට ලක් කරන්න. දෙවනුව, වැඩ තහනම් කිරීමට පෙර නිලධාරියාට එරෙහිව තිබෙන චෝදනා පිළිබඳ මූලික පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම් කළාට සජිත් කට අරි

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනම් කළාට සජිත් කට අරි

නමුත් වැඩ තහනමට ලක්කල නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාට එහෙම මූලික පරීක්ෂණයක් කරලා නෑ. තුන්වෙනුව, කථානායකතුමා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආපු තොරතුරු විමසුමක් ගැන විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙක් ලවා පරීක්ෂණයක් කරලා තිබෙනවා. ඒ වාර්තාව පදනම් කරගෙන තමයි වැඩ තහනමට ලක් කරන්නේ. නමුත් මූලික පරීක්ෂණයක් කරන්න පත් කරන්න ඕනි පරීක්ෂණයට ලක් වෙන නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ඒ තනතුර වගේම කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුරත් දරනවා. ඒක අමාත්‍යාංශ ලේකම්ට සමාන තනතුරක්. ඒ නිසා අතිරේක ලේකම්වරයෙකුට මූලික පරීක්ෂණය කරන්න බෑ. හතර වෙනි කාරණය තමයි ලෝකයම හිනස්සන කාරණය. වැඩ තහනම් කිරීමට ඇත්ත හේතුව. ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කරපු නිසා, කථානායකගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින කථානායකතුමන්ගේ සමීපතම කෙනෙකු සමඟ ගැටුමක් හදා ගත් නිසා යනාදි වශයෙන් විවිධ හේතු විවිධ දේශපාලකයින් කියනවා. ඒවා ඔක්කෝම බොරු. නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කරලා තිබෙන්නේ සේවයේ ස්ථිර කරන්න වසර තුනක් තනතුරේ සිටිය යුතු නමුත් වසරක් සම්පූර්ණ වුණු ගමන් ස්ථිර කරලා කියලා. ලෝකයේ කිසිම රටක තමන්ගේ තනතුර ස්ථිර කර ගන්න තමන්ට බෑ. ඒක කරන්න ඕනි තමන්ට වඩා ඉහළ නිලධාරියෙක්. නීත්‍යානුකූලවම කියනවා නම් පත්වීම් බලධාරියා. නියෝජ්‍ය මහ ලේකම්ගේ පත්වීම් බලධාරියා වෙන්නේ ඇමති මණ්ඩලය. එතකොට ඇමති මණ්ඩලය විසින් වසරක් පිරුණු ගමන් ස්ථිර කරපු එක වරදක් නම් වැරදකරු වෙන්න ඕනි ස්ථිර කරපු එක්කෙනා මිස ස්ථිර කිරීමට ලක් වුණු එක්කෙනා නොවෙයිනෙ. කැකිල්ලේ රජ්ජුරුවන් වත් මෙහෙම තීන්දු දීලා නෑ. අපේ ජනාධිපතිතුමන් චේතිය රජතුමන් පරදා ඉදිරියට යන අතරේ අපේ කථානායකතුමන් කැකිල්ලේ රජතුමාටත් සටනක් දෙන බවයි පේන්නේ. පස්වන කාරණය තමයි මේ තීරණය වැරදි නම් ඒකට ලබා දිය හැකි දඬුවම. වසර තුනකින් ස්ථිර කරන්න ඕනි පුද්ගලයෙකුව වසරකින් ස්ථිර කිරීම වරදක් නම් ඒකට වැඩ තහනම් කරන්න බෑ.

වැඩ තහනම් කළ චමින්දගෙන් ලෝක සංවිධාන වලට පැමිණිලි

වැඩ තහනම් කළ චමින්දගෙන් ලෝක සංවිධාන වලට පැමිණිලි

වසරකින් තනතුරේ ස්ථිර කිරීමේ ලිපිය අහෝසි කරලා වසර තුන සම්පූර්ණ වුණාට පස්සේ ස්ථිර කිරීමේ ලිපියක් දීම විතරමයි මේ සම්බන්ධයෙන් කළ හැකි එකම දේ වෙන්නේ. කථානායකතුමාගේ තීන්දුවේ තිබෙන කඩතොළු පහ දැක්කාම සිහිපත් වුණේ පැරණි කියමනක්. එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට වුණු කාරියා පහක් කඩතොළු හදා දුන්නයි මැති සබේ මුල් ආචාරියා නියෝජ්‍ය මහ ලේකම්වරයා දේශපාලන පත්වීමක් කියලා කථානායකවරයාට කවුදෝ කේලමක් කියලාලු. ඒක නිසාලු වැඩ තහනම් කරන්න කථානායකතුමන් පෙළඹුනේ. ඒක නිසා නියෝජ්‍ය මහ ලේකම් පත් වුණු විධිය කථානායකතුමාට කියන්න ඕනි. නියෝජ්‍ය මහ ලේකම්වරයා පත් කළ පාර්ලිමේන්තුවේ මමත් හිටියා. පාර්ලිමේන්තුවේ සියළුම පක්ෂ නායකයින් නියෝජනය කරන පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් පත් කරපු කමිටුවක් තමයි සම්මුඛ පරීක්ෂණ තියලා චමින්ද කුලරත්න මහතාව ඒ තනතුරට තෝරා ගත්තේ. කථානායක, අගමැති, සභානායක, විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ පාර්ලිමේන්තු මහ ලේකම් කියන පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම ඉන්නා කමිටුවකින් තමයි සම්මුඛ පරීක්ෂණය පැවැත්තුවේ. ඒ නිසා පාපිසි කියන කේලම්වලට රැවටිලා කථානායක තනතුර බාල්දු කරන්න එපා කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. කථානායකවරයාගේ මේ විහිළු සහගත නීති විරෝධි තීන්දුව අභියාචනාධිකරණයේ අභියෝගයට ලක් කලොත් ක්ෂණිකව මේ වැරැද්ද නිවැරදි කරන්න අධිකරණය කටයුතු කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා තව දුරටත් රට ඉදිරියේ විහිළුවක් නොවී වහාම වැඩ තහනම් කිරීමේ ලිපිය ඉවත් කර ගන්න කියා අපි කථානායකතුමාට යෝජනා කරනවා."

අශෝක රංවලගෙ උපාධි සහතිකේ ගැන ගම්මන්පිල කට අරියි

අශෝක රංවලගෙ උපාධි සහතිකේ ගැන ගම්මන්පිල කට අරියි