අධි ආරක්ෂිත කලාප නමි කරලා ජනතාව මැඩලීමට උත්සාහ කරනවානමි අපි විරැදධයි. - ප්‍රභලයෙක් කියයි..

By Sithumi Sep 26, 2022 12:13 PM GMT
Sithumi

Sithumi

Report

අධිි ආරක්ෂිත කලාප නමි කරලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරල සාමාන්‍ය ජනතාව මැඩලීමට රජය උත්සාහ කරනවානමි එය තරයේ ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව එය හෙලා දකින බවද ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවැසිය.

බලන්ගොඩ ප්‍රදේශයේදි අද (26) දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙිි බව පැවැසිය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගාමිණී වලේබොඩ මහතා මෙසේයද කිය -

"ලංකාවෙි මෙතෙක් පැවැතිචිචි නැති නිිතියක් ගෙනවිත් කොළඹ අග නගරයේ ස්ථාන ගණනාවක් අධි ආරක්ෂිත කලාප ලෙස නමි කරල තිබෙනවා.

අපි දන්නවා අධිි ආරක්ෂිත කලාප අවශ්‍ය වන්නේ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විමෙිි අවදානමක් තිබෙනවානමි හෝ රට ඇතුලේ හෝ රටවල් අතර යුද්ධයක් පවතින අවස්ථාවකයි.

අපි අහන්න කැමති ර⁣ජයෙන් අධි ආරක්ෂිත කලාප නමි කිරිම සදහා ⁣ නිිතියක් ක්‍රියාත්මක කිරිමට හේතුව කොළඹ අගනගරයට පහර දිමට හෝ මරමස්ථාන වලට පහර දිමෙිි බුද්ධ අංශ තොරතුරක් ලැබිලා තිබෙනවාද කියලා. නැතිනමි ඒවා අත්පත් කර ගැනිමෙිි තොරතුරු ලැබිලා තිබෙනවාද කියලා. 

 අටෙි ඇති වි තිබෙන ආර්ථික අර්බුදයත් සමග පිඩාවට පත්ව සිටින ජනතාව තමන්ගේ දුක, බඩි ගින්න ජනතාවගේ හඬ බළධාරින්ට ප්‍රකාශ කරන්නේ අ⁣වස්ථාවක්, හිමිකමක් ඔවුන්ට පැවැතිය යුතුයි. ඒ ජනතා හිමිකම ,අයිතිවාසිකම් ලබා දිම පිළිබඳව කොන්දේසි විරහිතව පිහිට වෙන්න අපි එකගයි.

රජය විසින් සිදු කරන පහර දිමි මර්දනයට අපි විරැද්ධයි. හැබැයි එහෙම කියලා පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය ,අගමැති මන්දිරය වැටලිම, අත්පත් කර ගැනිම යන දේ කරන්න නැවත උත්සාහ කරනව