විඩියෝ ගේම් එකක් ගැන කිසිවෙක් නොහිතපු තීරණයක් ඉන්දියාව ගනී.
Government Of India
India
By krishani
ජනප්‍රිය ජංගම දුරකථන ක්‍රීඩාවක් වන Battlegrounds Mobile India (BGMI) ගැන ඉන්දීය බලධාරීන් විසින් තීරණයක් ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ එම වීඩියෝ ක්‍රීඩාව යළි හඳුන්වාදීමට යි.
එනම් මාස 10ක තහනමකින් පසු එම ජංගම දුරකථන ක්‍රීඩාව ඉන්දියාව තුළ අත්හදා බැලීමක් ලෙස යළි හඳුන්වාදීමටයි.
ඒ අනුව මාස තුනක කාල සීමාවක් තුළ ලෙස හඳුන්වා දෙනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය ජූලි මාසයේ දී Krafton විසින් සාදන ලද ප්‍රමුඛතම ක්‍රීඩාව වන BGMI, වීනය සමග එහි දත්ත බෙදාගැනීමේ ආරක්ෂිත කරුණක් හේතුවෙන් ඉන්දියාවේ තහනම් කිරීමට තීරණය කළේ ය.
එසේ තහනම් කිරිමට හේතුව Krafton සමාගමේ කොටස්වලින් 13.5% හිමාකාරීත්වය තිබුණේ චීන සමාගමකට වීම හේතුවෙන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |