ගාල්ල පෞද්ගලික රෝහලක කාන්තාවකගේ මරණය - සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් විශේෂ විමර්ශනයක් ඉල්ලයි

Report

ගාල්ලේ පෞද්ගලික රෝහලක සිදුවූ කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම විශේෂ විමර්ශනයක් පැවැත්විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ, රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල් පද්ධතිය ද නිසි නියාමනයකට ලක්විය යුතු බවයි. පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන නියාමනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමන සභාවක් පවතින බවත්, එම සභාව අක්‍රිය වීම හේතුවෙන් පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි පීඩාවට පත්වන බවත් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට CIDට අවසර

පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට CIDට අවසර

මෙහිදි පෞද්ගලික රෝහල්වල පවතින ගැටලු ගණනාවක් වෛද්‍ය චමල් සංජීව විසින් පෙන්වා දෙයි. ඒ අතර, එකම ප්‍රතිකාර සඳහා විවිධ රෝහල්වල විවිධ මිල ගණන් පැවතීම, රෝගීන්ගේ බිල්පත් සම්බන්ධ ගැටලු, සෞඛ්‍ය ආරක්ෂාවට අවශ්‍ය අවම පහසුකම් පවා නොමැති වීම, සහ සුදුසුකම් නොලත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයේ යෙදවීම ප්‍රධාන වෙයි.

එමෙන්ම, ඇතැම් රෝහල්වල ප්‍රධාන ශල්‍යකර්ම සිදු කළ ද, රුධිර බැංකු, දැඩි සත්කාර ඒකක හෝ හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය මූලික උපකරණ පවා නොමැති බව ඔහු සඳහන් කරයි.

අපිට අපි වෙනුවෙන් කිසිම දෙයක් නැහැ - මහින්දගේ බාල පුතා හිත අවුලෙන්..

අපිට අපි වෙනුවෙන් කිසිම දෙයක් නැහැ - මහින්දගේ බාල පුතා හිත අවුලෙන්..

පෞද්ගලික රෝහලකට ඇතුළත් වන රෝගියකු සම්බන්ධයෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ වගකීම අඛණ්ඩව පැවතිය යුතු නමුත්, බොහෝ වෛද්‍යවරුන් ශල්‍යකර්මයෙන් පසු රෝගියාගේ වගකීමෙන් මිදීම නිසා රෝගීන්ට වෛද්‍යවරුන් කිහිපදෙනකු වෙත යොමුවීමට සිදුවන බවද වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

පෞද්ගලික රෝහල් නියාමනය සඳහා විවිධ බලපෑම් පැවතින බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැනි වගකිව යුතු බලධාරීන් නව රජය යටතේ හෝ නිසි ලෙස කටයුතු කරනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි. 

කීරි සම්බා මිල ඉහළ යෑම පාලනය කරන්න කීරි සම්බා ආනයනයට අනුමැතිය

කීරි සම්බා මිල ඉහළ යෑම පාලනය කරන්න කීරි සම්බා ආනයනයට අනුමැතිය

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ