ශ්‍රී ලංකා - ඉන්දියා තරගයත් සමඟ ගාල්ල ක්‍රිකට් පිටිය හෙට ඓතිහාසික 50 වැනි ජාත්‍යන්තර කඩඉම පසුකරයි [VIDEO]
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිය 50 වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පැවැත්වීමට සූදානමින් සිටී. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (15) පැවැත්වීමට නියමිත තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 50 වැනි ජාත්‍යන්තර තරගය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
මේ දක්වා ජාත්‍යන්තර තරග 49කට සත්කාරකත්වය ලබාදී ඇති ගාල්ල ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී මතක රැසකට පසුබිම් වී තිබේ. අමතක නොවන තරග සහ ඓතිහාසික අවස්ථා රැසකට සාක්ෂි දරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍ය ස්ථානයක් හිමිකරගෙන ඇති ගාල්ල ක්‍රීඩාංගණය, 50 වැනි ජාත්‍යන්තර තරගයත් සමඟ සිය ඉතිහාසයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට නියමිතය
ඒ අනුව ජාත්‍යන්තර තරග 50කට සත්කාරකත්වය ලබාදුන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තවත් සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙයි.
ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න