පොලිස් නිවේදනයට අරගලකරුවන්ගෙ නවතම තීරණය ..(VIDEO)
By Sewvandhi
හෙට (05) සවස 05ට පෙර ගාලු මුවදොර සියලු අරගලකරුවන් එම භූමියෙන් ඉවත්ව යා යුතු බවට පොලීසියෙන් කළ දැනුම්දීමත් සමග ඊයේ (03 රාත්‍රීයේ අරගලකරුවන් පිරිසක් ගාලු මුවදොර තාවකාලිකව ඉදිකර තිබූ කූඩාරම් කිහිපයක් ඉවත් කරගෙන තිබේ.
ගාලුමුවදොර භූමියේ රැඳී සිටින අරගලකරුවන් හෙට සවස 05ට පෙර එම භූමියෙන් ඉවත්ව යා යුතු බවත් නැතහොත් නීත්‍යනුකූල පියවර ගන්නා බවට පොලීසියෙන් කළ දැනුම්දීම මත එලෙස කූඩාරම් ඉවත්කිරීමට කටයුතු කර ඇත.
මේ අතර අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිව ඊයේ රාත්‍රියේ අරගල භූමියේ පන්දම් විරෝධතාවක් පැවැත්වුණි. ගාලු මුවදොර අරගලය අද 118වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර අරගල භූමියේ අද උදෑසන ක්‍රියාත්මක වුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |