ගල්කිස්සේ නීතීඥ වන්නිනායක අභියාචනාධිකරණයට යයි
නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තම නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙම සිද්ධියේදී පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියකට බාධාවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව එම පෙත්සමේ අවධාරණය කර ඇත.
ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.