T - Shirt එකක් නිසා කල්ගිය අවසන් මහා තරගය
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සෞදි අරාබියේ Galatasaray සහ Fenerbahce අතර පැවති තුර්කි සුපිරි කුසලාන අවසන් මහා තරගය කල් දමා ඇති බවයි.
ඒ තරග කණ්ඩායම් සහ සත්කාරක රාජ්‍යයේ වන සෞදි අරාබියේ බලධාරීන් අතර ඇති වූ මතභේදයක් හේතුවෙන්.
තරගය ඊයේ පස්වරු 5.45 ට ආරම්භ වීමට නියමිතවූ අතර ඒ වනවිට Riyadh’s Al-Awwal ක්‍රීඩාංගණය තුළ දහස් ගණනක් රසිකයින් සිටි බවද සඳහන්. පසුව පස්වරු 7.00 ට තරගය නතර කරමින් අවසන් මහා තරගය කල් දැමීමට පියවර ගත් බව දැනුම් දී තිබෙනවා.
තුර්කි පාපන්දු සම්මේලනය සහ ක්‍රීඩා සමාජ තරග සංවිධායකයින් සමග, නූතන තුර්කියේ ගෞරවනීය පියාණන් වන Mustafa Kemal Ataturk ගැන සඳහන් කරන බැනර් ප්‍රදර්ශනය කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.
Galatasaray සහ Fenerbahce කණ්ඩායම් තරග කිරීමට අපේක්ෂා කර ඇත්තේ Ataturk ගේ රුව සහිත T Shirt එකකින් වන අතට සෞදි බලධාරීන් ඉඩ ලබාදී නැහැ.
Mustafa Kemal Ataturk තුර්කිය නවීකරණය කිරීම සඳහා විප්ලවීය සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දියත් කළ අතර 1923 සිට 1938 දී ඔහුගේ මරණය දක්වා එහි පළමු ජනාධිපතිවරයා ලෙස සේවය කර තිබෙනවා.
නූතන තුර්කි ජනරජය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය 2023 දී සෞදි අරාබියේ පැවැත්වීමට ගත් තීරණය තුර්කියේ පසුගිය කල සීමාව තුළ විවේචනයට ලක් වූ කරුණක්.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, තුර්කියේ සුපිරි කුසලාන අවසන් මහා තරගය පවත්වන දිනය මෙතෙක් දැනුම් දී නොමැති බවයි.
