" ගජමෑන්" දිවි ගමනින් සමුගනී. (PHOTOS)

Death Artist
By Wayomi Dec 17, 2023 11:40 AM GMT
Wayomi

Wayomi

Report

සම්මානනීය ප්‍රවීණ සිත්තර ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට 84 වියේ පසුවුණා.

කැමිලස්ගේ ගජ මෑන් මෙරට අතිශය ජනාදරයට පත් වූ කාටූන් චිත්‍ර කතාවක් වූ අතර එම චිත්‍රකතාව ඇසුරින් මෑත කාලයේදී නිෂ්පාදනය කෙරුණු ගජ මෑන් චිත්‍රපටයද ජනාදරයට පත්වුණා.

" ගජමෑන්" දිවි ගමනින් සමුගනී. (PHOTOS) | Gajaman Passes Away

1939 දෙසැම්බර් 1 වැනිදා මීගමුවේ උපත ලැබූ කැමිලස් පෙරේරා මහතා පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වේ..

කැමිලස් පෙරේරා මහතා 1964 වසරේදී ලේක්හවුස් ආයතනයේ “සරසවිය” පුවත්පතින් කාටූන් චිත්‍රකතා නිර්මාණයට පිවිසි අතර ඔහු කළ මෙහෙය වෙනුවෙන් පසුගිය වසරක සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ ඔහු විශේෂ සම්මානයකින් ද පිදුම් ලබා තිබෙනවා.    

" ගජමෑන්" දිවි ගමනින් සමුගනී. (PHOTOS) | Gajaman Passes Away

ReeCha