G77 රාජ්‍ය නායක සමුළුව කියුබාවේදී.
G77 රාජ්‍ය නායක සමුළුව කියුබාවේ හවානා නුවරදී අද (15) ආරම්භ වෙනවා.
එම සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට නියමිතයි.
ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පෙරේදා දිනයේ ය.
G77 රාජ්‍ය නායක සමුළුව හෙට අවසන් වනවා.
සැප්තැම්බර් 21 වනදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ජනාධිපතිවරයා ඉන් පසු අමෙරිකාවට යාමට සැලසුම් කර තිබෙනවා.