වහාම ලෝක බලවතුන් රැස්වෙයි - G7 එක්වී තීරණාත්මක සාකච්චාවක්
තොරතුරු වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සමඟ සම්බන්ධීකරණය වෙමින්, රටවල් සතු හදිසි බොරතෙල් සංචිත ඒකාබද්ධව වෙළෙඳපොළට මුදා හැරීම පිළිබඳව සාකච්ඡා කිරීමට G7 රටවල මුදල් අමාත්‍යවරුන් සූදානම් වේ.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාම හේතුවෙන්, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට G7 රටවල මුදල් අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහිදී පවතින මිල ඉහළ යාමට පිළියමක් ලෙස හදිසි ඉන්ධන සංචිත මුදාහැරීමේ යෝජනාවකට එකඟ වීම සඳහා ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවද සඳහන්. අමෙරිකාව මෙම යෝජනාව සඳහා දැනටමත් සහයෝගය පලකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය හා අමෙරිකා එක්සත් ජනපදය, G7 රටවලට අයත් වේ. කෙසේවෙතත් එම වාර්තා පලවීමත් සමග ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඩොලර් 117.65 සිට ඩොලර් 104 ක් දක්වා පහළ වැටී ඇති බවද වාර්තා වේ.
දැනටමත් අමෙරිකාව ඇතුළු රටවල් තුනක් මෙම යෝජනාවට සිය සහයෝගය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය හා අමෙරිකා එක්සත් ජනපදය, G7 රටවලට අයත් වේ. වැඩිදුරත් සඳහන් වන ආකාරයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සහ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම මෙම පියවරේ අරමුණ වී ඇත.