හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන දැනුම්දීම
"හෙළයේ ගීත කෝකිලාවිය" කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා සිදුකිරීමට නියමිතව ඇත දේහය අද පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කරනු ලබයි .
ඒ අනුව එළැඹෙන 31 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් අනතුරුව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය රොගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමිය ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
එතුමිය මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණි. වර්ෂ 1934 දී උපත ලැබු රීටා ජෙනවිට් ප්‍රනාන්දු මුල්කාලයේ එතුමිය හදුන්වන ලදි.
නමුත් පසුකාලීනව ලතා වල්පොළ යන නමින් ජනාදරයට පාත්‍ර විය ඒ අනුව ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරනු ලබන්නේ වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසිනි.
ඇය මේ වනවිට ගීත හයදහසකට අධික සංඛ්‍යාවක් ගායනා කර කර තිබෙන මෙරට අග්‍ර ගණයේ ගායන ශිල්පිනියකි. ඒ අතරට විදෙස් භාෂා ගීත ද ඇතුළත් වේ.
ලතා වල්පොල මහත්මිය සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' යන අන්වර්ථ නාමයෙන් ද හදුන්වා තිබේ .
තවද එතුමිය 1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිස ඇත. පසුගිය දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට එතුමිය ගායනයෙන් සම්බන්ධ වී තිබීමද සුවිශේෂීත්වයකි.
ඒ වගේම ලතා වල්පොල මහත්මිය තම නිසග ගායන දක්ෂතාවය හේතුවෙන් සරසවි සම්මාන 5ක්, ජනාධිපති සම්පාන 2ක්, කලාශුරි සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබන්න්ට සමත් වූ විශිෂ්ට ගායන ශිල්පිනියකි .