බහුදින සහ එක්දින ධීවර යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන සම්බන්ධයෙන් සුබ ආරංචියක්
බහුදින සහ එක්දින ධීවර යාත්‍රා වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ලබා දීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ධීවර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංක හදුන්වාදී ඇති බව සඳහන් විය.
එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් ධම්මික රඹුක්වැල්ල මහතා සඳහන් කළේ සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහා අවශ්‍ය ඉන්ධන තොග පවතින බවත්, ඉදිරියේදී අවශ්‍ය සියලු ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවත් ය.
එමෙන්ම අතිරේක කළමනාකරණ (තාක්ෂණ) අධ්‍යක්ෂ ජේ ඒ චන්ද්‍රරත්න මහතා කියා සිටියේ කොළඹ වරාය ඇතුළු සියලු වරායවල දෛනික කටයුතු කිසිදු ගැටලුවකින් තොරව සිදුවෙන බවයි.