ඩීසල් ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..
Fuel Price In Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
By Aruna
ජුනි මස 16 වැනිදා තවත් ඩීසල් තොගයක් දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එම නැව් තොග ශ්‍රී ලංකා වෙරළට පැමිණීමට පෙර තවත් යාත්‍රා දෙකක් ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
ඩීසල් සහ පෙට්‍රල් තොග දෙකට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට අද (07) පියවර ගන්නා බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
තවත් බොරතෙල් තොගයක් සඳහා ඇණවුමක් ලබා දී ඇති බවත්, දැනට පවතින බොරතෙල් තොග සති දෙකක කාලයක් පවතිනු ඇති බවටයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |