ඉන්ධන ප්‍රශ්ණය උඩුදුවයි..පොලිස්පතිටත් රතු එළියක්..
Fuel Price In Sri Lanka
Ceylon Petroleum Corporation
Sri Lanka
By Aruna
ජූලි මාසයේ නැවතත් ප්‍රවාහන ගාස්තුව යාවත්කාලීන කරන්න තිබුණු නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩිවීම ප්‍රතිශතයක් ලෙස ප්‍රවාහන ගාස්තුවලට අද සිට එකතුකරණ බව ඛනිජ තෙල් ටැංකිය රථ හිමියන්ගේ සංගමය පවසනවා.
පසුගිය අවස්ථාවේ ඉන්ධන මිල වැඩි වූ විට අප මිල වැඩි කර අතර ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රතිශතය අද දින සිට නැවත ගාස්තු වැඩි වනවා.
ටැංකි රථයකට කිසියම් හානියක් සිදු වුණොත් මේ දිනවල තිබෙන කළකෝලාහල නිසා එහි වගකීම සම්පූර්ණයෙන්ම පොලිස්පතිතුමා බාරගත යුතු බවද ඛනිජ තෙල් ටැංකිය රථ හිමියන්ගේ සංගමය පවසන්නේ.
ඊයේ දිනයේත් සමහර ටැංකි රථ වලට බලපෑම් සිදු වී ඇති අතර ඒ පිළිබඳව කිසියම් තීරණයක් නොගත්තොත් අපේ රියදුරු මහතුන් සහ සේවක මහතුන් සේවයට වාර්තා කිරීමට අකමැති උනොත් අපිට තීරණයක් ගැනීමට සිදු වන බවද එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |