ඉන්ධන මිල 500%කින් ඉහල දමයි..විදුලි ගාස්තුත් 25%කින් ඉහළ නගී..
By Aruna
ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල සියයට පන්සියයකින් ඉහළ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මේ සමගම විදුලි ගාස්තුද සියයට 25% කින් පමණ ඉහළ යනු ඇති බවයි, එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.
කියුබාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මැදිවී සිටින අතර උද්ධමනය සියයට තිහ සීමාවේ පවතින බවයි වාර්තා වන්නේ.
ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයක් කියුබාව තුළ මෙවන විට උද්ගතව පවතී.