අද සිට වාහන සඳහා ඉන්ධන ලබාගත හැකි උපරිම සීමාව වැඩි කරයි..අලුත් මිල ගණන් මෙන්න...

Report

ඉන්ධන ලබා ගැනීමේ උපරීම සීමාව ඉහළ දැමේ අද සිට වාහන සඳහා ලබා දෙන උපරිම ඉන්ධන සීමාව සංශෝධනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම සමග මෙලෙස ඉන්ධන සපයා ගැනීමේ මිල සංශෝධනය කිරිමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව,

යතුරුපැදි සඳහා රු. 2500,

ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක්,

මෝටර් රථ, වෑන් රථ සඳහා රු.10,000ක්

දක්වා ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව ලබාදී ඇත.

ඊයේ දිනයේදී භූමිතෙල් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලුවද පවතින තත්ත්වය අනුව ඒ සඳහා අවසර හිමිනොවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now