ඉන්ධන මිලේ වෙනසක්?.
Fuel Price In World
By krishani
සැපයුම ඉහළ යාම තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගත වූ සතියේ පහත වැටිණ.
නමුත් ගාසා ගැටුම් සහ ඔපෙක් සංවිධානයේ ඉදිරි තීරණ මත ඉන්ධන මිල යලි වෙනස් විය හැකි බවට තොරතුරු වාර්තා වේ.
ඔපෙක් සංවිධානයේ මීලඟ රැස්වීම නොවැම්බර් 26 වනදා පැවැත්වෙයි.
එහිදී ඉන්ධන මිල සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනු ඇතැයි අපේක්ෂා කරයි.
මේ අතර, පසුගිය 6 වනදා සිට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ දක්වා පෙන්නුම් කර ඇති පහත වැටීම ඩොලර් පහක් පමණ වේ.
කෙසේ වෙතත්, අද (11) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් අසු එකක් ලෙස සටහන් විය.
