ඉහළ පහළ යන තෙල් මිලේ එකවරම සිදු වුණ වෙනස..
Fuel Price In World
By krishani
ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල පසුගිය සතිය පුරා ඇමරිකානු ඩොලර් 90 ඉක්මවා තිබිණ.
නමුත් ඊයේ(26) බොරතෙල් මිල ඩොලර් 3 කට ආසන්න අගයකින් පහත වැටිණ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 87 ක් ලෙසයි.
එමෙන්ම ඇමරිකානු ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක් ඩොලර් 82.90 ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, ගාසා තීරයේ යුද උණුසුම සහ චීනයේ කර්මාන්ත යලි වේගයෙන් වර්ධනය වීම හේතුවෙන් පසුගියදා ලෝක බොරතෙල් මිලෙහි වැඩි වීමක් පෙන්නුම් කළේ ය.
