බස් ගැමුණු ගත් තීරණයක්... මගින් අවදානයෙන්...

Report

ඩීසල් නොලැබුණොත් ලබන සදුදා දිනයේ සිට බස් රථ ධාවනය නොකර සිටීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ශරීරයේ Tattoo තියෙන තරුණ තරුණියක්ද ? මෙන්න ඔබට අහිමි වන දේ ගැන නිවේදනයක් !

ශරීරයේ Tattoo තියෙන තරුණ තරුණියක්ද ? මෙන්න ඔබට අහිමි වන දේ ගැන නිවේදනයක් !

ඒ හේතුවෙන් බස් රථ සඳහා ඩීසල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

පසුගිය කොරෝනා වෛරස් සමයේ ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදුන් ආකාරයට හෝ පෞද්ගලික බස් සඳහාද ඉන්ධන ලබා දෙන්නැයි ඔහු ඉල්ලා සිටී. බස් රථ සඳහා දීර්ඝ පෝලිම්වල රැඳී සිට ඉන්ධන ලබාගෙන සේවාවක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවත් ඒ මහතා පැවසුවේය.


ඉන්ධන බෙදුම්හල් හිමිකරුවන් විසින් ආරම්භ කර ඇති ‍ක‍්‍රියාමාර්ගය මත ඇතිව තිබෙන ඉන්ධන බෙදාහැරීමේ අර්බුදය සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.