ඉන්ධන මිල සූත්‍රය ගැන ප්‍රකාශයක්..

Sri Lanka
By krishani Sep 18, 2022 02:13 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි අඩු වීමක් සිදු නොවීම සම්බන්ධයෙන් රජය කරුණු පැහැදිලි කළයුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙරට සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරන බව විෂයභාර අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළ බවය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා පොරොන්දු වූ පරිදි මිල සූත්‍රය ක්‍රියාත්මක කළයුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.