අද සිට ඉන්ධන නව ක්‍රමයට..ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කෙරේ.(PHOTOS)

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 01, 2022 02:17 AM GMT
Aruna

Aruna

Report

QR ක්‍රමවේදය යටතේ පිරවුම්හල්වලින් ඕනෑම පුද්ගලයකුට සතියක් තුළ තමන්ට වෙන් කර ඇති ඉන්ධන කෝටාව අද සිට ලබා ගත හැකිය.

අද දිනයේ ඉන්ධන පිරවුම්හල්වලට යන ජනතාවගෙන් එම ස්ථානවල තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි බලශක්ති අමාත්‍යංශය ඉල්ලා සිටි.

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි වූ රථවාහන භාවිත කරන්නන්නට ඊයේ (31 වැනිදා) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකි බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර ට්ව්ට්ර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඉන්ධන ලබා දීමේදී ලබා දී ඇති උපදෙස් පිළිනොපදින ඉන්ධන පිරවුම්හල් සහ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ඊට අදාළ ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි වට්ස් ඇප් හරහා 074 212 31 23 අංකය වෙත යොමු කළ හැකිය.

එම ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි මගින් යම් පුද්ගලයෙකු වැරදි කරුවෙක් බවට පත්වුවහොත් ඔවුන්ගේ QR ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ වන විට ජාතික ඉන්ධන බලපත්‍රයේ වාහන මිලියන 5ක් ලියාපදිංචි වී ඇත.

මේ අතර අද(01) දින බස්නාහිර පළාත තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery