අනිද්දයින් පස්සේ ඉන්ධන බෙදීම නවතී ද? මිල සූත්‍රය අධ්‍යයනය කර දැනුම් දෙන්න තෙල් බෙදුම්කරුවන් අනිද්දා තෙක් කල් ගනියි

Report

ඊයේ (02) දින පැවති සාකච්ඡාවේදී ඉන්ධන ප්‍රවාහනය සඳහා ගෙවනු ලබන මුදල 20%කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටියද 15%ක ගාස්තු වැඩිවීමක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වූ බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව එම සංගමයේ ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා ප්‍රකාශ කළේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කර ඇති ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනය කිරීමට අනිද්දා තෙක් කල් ලබාගත් බවයි.

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

කුකුළු මස් හා බිත්තර ගැන නරක ආරංචියක් - මිල ඉහළ යෑමේ අවදානමක්

ඩීසල්, ටයර්, බැටරි, නඩත්තු වියදම් සහ සේවක වේතන ඇතුළු ව්‍යාපාරය පවත්වාගෙන යාමට යන පිරිවැය සලකා ඉන්ධන ප්‍රවාහනය වෙනුවෙන් ගෙවනු ලබන මුදල වැඩි කරන ලෙස පෞද්ගලික ටැංකි රථ හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඔවුන් පවසා සිටියේ, ප්‍රවාහන ගාස්තු තීරණය කරන මිල සූත්‍රය මේ අනුව සංශෝධනය කරන ලෙසයි.

එසේ නැතහොත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වන බවට ද ඔවුන් අනතුරු ඇඟවීම් කර තිබුණා.

එවැනි පසුබිමක ඊයේ දින පෞද්ගලික ටැංකි රථ හිමියන් සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සංස්ථාවේ සභාපතිවරයා අතර මෙම සාකච්ඡාව පැවැත් වූ බව වාර්තා වේ.

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

අලුත් නීතියක් - 1 වනදා සිට බලාත්මක වන පරිදී මේ විවාහ නිල වශයෙන් තහනම්

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා

මහජන බැංකු ගිණුම් හිමියන්ට හදිසි දැනුම්දීමක් - දින දෙකකදී බැංකු සේවාවලට බාධා