හෙට සිට ඉන්ධන ලබා ගැනීමට මුඛ ආවරණය අනිවාර්ය කෙරේ..

By Aruna Jul 31, 2022 04:44 AM GMT
Aruna

Aruna

Report

මුව ආවරණ නොමැතිව පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට හෙට සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේ ඒ පිළිබඳ සියලු ඉන්ධන පිරවුම්හල් අද දිනයේ දැනුවත් කරන බවයි.

රට තුළ යළිත් කොරෝනා අවධානම ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන විට සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.

මේ අතර QR ක්‍රමවේදය යටතේ පිරවුම්හල්වලින් ඕනෑම පුද්ගලයෙකුට සතියක් තුළ තමන්ට වෙන් කර ඇති ඉන්ධන කෝටාව හෙට සිට ලබා ගත හැකි බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.

මේ හේතුවෙන් හෙට දිනයේම ඉන්ධන පිරවුම්හල්වලට එකතු වී තදබදයක් ඇති නොවන ලෙස කටයුතු කරන්නැයි එම අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.

ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ද සදහන් කළේ හෙටින් ආරම්භ වන සතියේ පිරවුම්හල් ආශ්‍රිතව යම් තදබදයක් ඇති විය හැකි බවයි.

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් දෙවන සතියේ සිට පෝලිම්වල අඩුවක් ද දක්නට ලැබෙනු ඇති බවයි එම සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න වැඩිදුරටත් සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now