ඉන්ධන සම්බන්ධයෙන් අද රට පුරා කරන්න යන දේ මෙන්න..රටටම සුබ ආරංචියක්!!!..
පෙට්‍රල් සහ ඩීසල් අද සිට යළි සාමාන්‍ය පරිදි පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.
ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සැලසුම් කර තිබූ ඉන්ධන නෞකාවලට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව පවතින නිසා මෙම තීරණයට එළඹි බවයි.
මීට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධන පිරවුම්හල්වලින් පෞද්ගලික බස් රථ සහ පාසල් ළමයින් ප්‍රවාහන රථවලට මෙන්ම සංචාරකයින් ප්‍රවාහන කරන වාහන සඳහාද ඉන්ධන ලබාදීමට සැළසුම් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
කෙසේ වෙතත් ඩීසල් හිඟය හේතුවෙන් මේ වනවිට පෞද්ගලික බස් ධාවනයට බාධා එල්ල වී ඇති අතර ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් ඊයේ දිනයේත් දක්නට ලැබුණා.
මේ වනවිට ඇතැම් ඉන්ධන පිරවුම්හල්, ඩීසල් සහ පෙට්‍රල් නොමැති බව පවසමින් වසා දමා තිබෙනවා.
මේ අතර ඊයේ දින කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට පමණක් ලිට්රෝ සමාගම විසින් ගෑස් බෙදා හැරීමට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් අද ගෑස් බෙදාහැරීමක් සිදු නොකරන බවයි එම සමාගම ඊයේ පස්වරුවේ නිවේදනය කළේ.
එසේම ලාෆ් සමාගම මිල වැඩි කර ගෑස් බෙදා හැරීමට කටයුතු කළද ජනතාව චෝදනා කරන්නේ ප්‍රමාණවත් ගෑස් තොග නොලැබෙන බවටයි.
එමෙන්ම ඉන්ධන හිඟය සහ ධීවර ආම්පන්න මිල ඉහල යාමට විරෝධය පළ කරමින් මෝදර ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් ඊයේ කොළඹ වරායේ සේරම් දොරටුව අභියස විරෝධතාවයක නිරත වුණා.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කළ උවයිස් මොහොමඩ් එම ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙනවා.
මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ සුමිත් විජේසිංහයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |