ඉන්ධන බෙදුම්කරුවන්ගේ වර්ජනය ගැන ගත් තීරණය

Ceylon Petroleum Corporation Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 25, 2022 10:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ කොමිස් මුදල සම්බන්ධයෙන් පැවැති ගැටලුව හේතුවෙන් ඇනවුම්කිරීමෙන් වැලකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවත් කොමිස් මුදල පෙර පරිදි ලබාදීමට අමාත්‍යවරයා පොරොන්දුවීමෙන් පසුව අද පෙරවරු 11.00 න් පසුව ඇනවුම් කළ බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (25) පස්වරුවේ පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවෙන් අඛණ්ඩ ඉන්ධන සැපයුම නොමැතිවීමෙන් පෝලිම්වල සිටින ජනතාව අපහසුතාවට පත්වීමෙන් ඉන්ධන පිරවුම්හල් ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව කී නාඔටුන්න මහතා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් පිරවුම්හල්වලට ඇනවුම් ලබාදීමට මීට පෙර නොතිබුණු කොන්දේසි දමන බව ද සඳහන් කළේය.

අදාල දිනයේ පෙරවරු 9.00 පෙර බැංකුවට මුදල් තැම්පත් කළහොත් පමණක් ඉන්ධන තොගය ලබාදෙන කොන්දේසියක් පැනවීමෙන් බෙදුම්කරුවන් අපහසුතාවට පත්ව ඇති බවත් බැංකු ණය පොලිය සියයට 27 ක් දක්වා ඉහළ දමා තිබීමෙන් පෙරදිනයේ මුදල් තැම්පත් කිරීමෙන් පිරවුම්හල් හිමියන්ට අමතර පාඩුවක් දැරීමට සිදුව ඇති බවත් නාඔටුන්න මහතා වැඩි දුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

ReeCha