ඩෙල්ෆ්ට් දූපතට නව ඉන්ධන පිරවුම්හලක් - තෙල් ගොඩාබෑමත් අති සාර්ථකයි
යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ අභිනවයෙන් ඉදිකළ නව ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව සිදු කර තිබේ.
ඒ අනුව, ඉන්ධන බවුසර් රථ දෙකකින් රැගෙන ආ ඉන්ධන තොගය කන්කසන්තුරේ වරාය ජැටියේ සිට ඩෙල්ෆ්ට් දූපත වෙත මුහුදු මාර්ගයෙන් ඉතා ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලැබුවේ උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා 'රණගජ' නෞකාව මගිනි.
කිසිම දේශපාලනයක් කරන්න අදහසක් නෑ.. අයියලා ගැන කළකිරෙන් නෑ - රාජපක්ෂ පවුලම උණුසුම් වෙද්දි FCIDයට කැඳවූ රෝහිත පැය 4කට පසු පිටව යයි
ඩෙල්ෆ්ට් දූපත තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ඉන්ධන පිරවුම්හල ස්ථාපිත කෙරුණු අතර, එමගින් දූපතේ ප්‍රවාහන සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.
මෙම පිරවුම්හල හරහා ඩෙල්ෆ්ට් දූපත් වැසියන් සඳහා ඉන්ධන බෙදාහැරීම විධිමත් හා පහසු කිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.
ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්
පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති කුරිකට්ටුවාන් ජැටිය සංවර්ධනය කිරීමේ අවස්ථාවේදී ඩෙල්ෆ්ට් දූපතේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබූ අතර, 2026 වසරේ ජූලි මාසයේදී මුල්ගල් තබා එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.