වැටලීම් වලදී ඉන්ධන බවුසර් ගණන් ප්‍රමාණවල ඉන්ධන නිවෙස්වලින් සොයා ගැනේ..

By Sithumi Jul 31, 2022 11:22 AM GMT
Sithumi

Sithumi

Report

දිවයින පුරා මේ දක්වා සිදුකළ වැටලීම් වලින් සොයාගත් ඉන්ධන ප්‍රමාණය බවුසර් 10කට ආසන්න වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඉන්ධන සොයා වැටලීම් 1,220ක් දිවයින පුරා මේ දක්වා සිදුකර ඇති අතර සැකකරුවන් 1,145ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති ඩීසල් ප්‍රමාණය ලීටර එක් ලක්ෂ 23,945කට අධික වන අතර පෙට්‍රල් ලීටර 38,029කට අධික ප්‍රමාණයක් සහ භූමිතෙල් ලීටර 19,238කට අධික ප්‍රමාණයක් ද එම වැටලීම්වලදී සොයාගෙන තිබෙනවා. පසුගිය පැය විසි හතරක කාලය තුළ පමණක් ඉන්ධන තොග රැස් කිරීම්, ගබඩා කිරීම් සහ අලෙවි කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 31 ක් සිදුකර, සැකකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔවු සතුව තිබී පෙට්‍රල් ලීටර 1,108 ක් සහ ඩීසල් ලීටර 1,441 ක් මෙන්ම භූමිතෙල් ලීටර 9 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව දිවයින පුරා මේ දක්වා සිදුකළ වැටලීම් වලින් සොයාගත් ඉන්ධන ප්‍රමාණය බවුසර් 10කට ආසන්න වන අතර එය පෙට්‍රල් බවුසර් 02ක්, ඩිසල් බවුසර් 06ක් සහ භූමිතෙල් බවුසර් 01ක් ලෙස වෙන් කර දැක්විය හැකියි.