ඉන්ධන පිරවුම් හලක හදිසියේ ඇති වූ ගින්න...(VIDEO )
By Sithumi
බණ්ඩාරගම නගරයේ සිපෙට්කෝ ඉන්ධනහලක අද(30) දවල් හදිස්සියේ ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ගේ විවේක කාමරයෙහි එම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහි සේවකයන් සහ පාරිභෝගිකයන් එක්ව ගිනි නිවීමේ උපකරණ මගින් ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර එම අවස්ථාවේදී ඉන්ධනහලේ බවුසර් රථ රියදුරුවරයෙකුගේ අතට හානි සිදු වී තිබෙනවා.
හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න සම්පුරණයෙන්ම පාලනය කළ බවයි පොලිසිය සඳහන් කළේ.