හෙට සිට වෙළඳපොළට නිකුත් කරන අලුත්ම සහල් වර්ගයක් පිළිබඳව සුබ පණිවිඩයක්..
Sri Lanka
By krishani
වෙළඳපොලේ සහල් මිල ඉහළ යෑම පාලනයට සහ ගුණාත්මක තත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කරගෙන සකස් කළ සහල් පී.එම්.බී. රයිස් නාමය යටතේ කිලෝග්‍රෑම් පහේ සහ දහයේ ප්‍රමාණයෙන් සකස් කළ සහල් මලු වෙළඳපොලට හෙට (27) සිට නිකුත් කිරීමට නියමිතයි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම සහල් මළු අලෙවිය සිදු කරනු ලබන්නේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් අලෙවිසැල් 3 ක් හරහා වන අතර ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයේ විවෘත කරනු ලබන අලෙවිසැලක් සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වෙළඳසැල් හරහා ද හෙට සිට මෙම සහල් ලබාගත හැකි වනවා.
වෙළඳපොල අවශ්‍යතාව මත මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහස බැගින් සතොස අලෙවිසැල් මගින් මෙම සහල් නිකුත් කිරීමට ද අපේක්ෂා කෙරෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |