බූස්ස කළඹපු මළසිරුර හිටපු මේජර්වරයෙකුගේ.. කොමන්ඩෝ සලින්තගේත් හිතවතෙක් - අභිරහස් මරණය ගැන තොරතුරු රැසක් එළියට
රත්ගම පොලිස් වසමේ බූස්ස මලිදූවේ ක්‍රීඩාංගනයක තිබි ඊයේ (26) දින හමුවූ මළ සිරුර යුද හමුදා කමාන්ඩෝ බලකායේ හිටපු මේජර්වරයකුගේ බව රත්ගම පොලිසිය පවසන බව සඳහන්.
ඒ අනුව රත්ගම පොලිස් වසමේ බූස්ස මලිදූව ප්‍රදේශයේ චීන ක්‍රීඩාංගනයේ තිබී අභිරහස් ආකරයට මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් ඊයේ දින උදෑසන රත්ගම පොලිසියට ලද තොරතුරක් මත සොයා ගෙන තිබුණා.
එහිදී හෙළි වූයේ ඔහුගේ හිසේ තුවාලයක් තිබී ඇති අතර එය වෙඩි තැබීමකින් සිදුවූවක් බවටයි. පොලීසිය සඳහන් කරන්නේ මෙය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් මත සිදුවූ ඝාතනයක් බවට සැක කරන බවයි.
එසේම අසල්වාසීන් ප්‍රකාශ කර සිටියේ අලුයම තුනට පමණ රතිඤ්ඤා ශබ්දයක් ඇසුණු බවයි. එසේම පොලීසිය සැක පළ කරන්නේ යම්කිසි පිරිසක් විසින් ඔහු මෙම ක්‍රීඩාංගණය වෙත රැගෙන විත් වෙඩි තබා ඇති බවටයි.
මියගිය පුද්ගලයා පිළිබඳ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ විසින් සිදු කළ අතර මියගිය පුද්ගලයාගේ දේහය ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් රැගෙන යන ලෙස පොලිසියට දැනුම් දී ඇත.
එමෙන්ම මියගිය පුද්ගලයා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ සේවය කළ 41 හැවිරිදි මේජර්වරයකු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන්.
එමෙන්ම මියගිය මේජර්වරයා ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොමන්ඩෝ සලින්තගේ හිතවතෙක් බව ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රත්ගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොරගහතැන්න ඇතුළු නිලධාරීන් පිරිසක් මෙන්ම ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය ද පරීක්ෂණ පවත්වයි.