බඩඉරිඟු වගා කරන්න නොමිලේ පොහොර දෙයි...
මෙම මහ කන්නයේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මඟින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
එම ව්‍යාපෘතියට අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහ ඇතුළත්.
ඊට දායකත්වය සපයන ගොවීන් ප්‍රමාණය 23,000ක් වනවා.
බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8000ක් බෙදා හැරීම ඊයේ(10) හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව දී ආරම්භ කෙරුණා.
එම පොහොර බෙදා හැරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා යුරියා පොහොර නොමිලයේ ලබා දීමට අමතරව ඒ සඳහා අවශ්‍ය TSP (මඬ පොහොර ) සහ MOP (බණ්ඩි පොහොර ) නොමිලයේ මෙම ගොවීන්ට ලබා දීමටත්, බිම් සැකසීම සඳහා අවශ්‍ය මුලික වියදම් සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන ද අයකර ගැනීමකින් තොරව ලබා දීමටත් තීරණය කර ඇති බවයි.
ලෝක බැංකුවේ IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල මඟින් ණය ආධාරයක් මෙම ව්‍යාපෘතියට මුල්‍ය ප්‍රතිපාදන සපයනු ලබනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම අක්කර ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කරන අතර එම ප්‍රමාණය අක්කර 20,000ක් වනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කෙරෙන අක්කර ප්‍රමාණය 5000ක් බවයි.
