ව්‍යාජ මැණික් ගලක් පෙන්වා සිදු කළ කැත වැඩේ..?
ව්‍යාජ මැණික් ගලක් පෙන්වා රුපියල් ලක්ෂ 23ක මුදලක් ඉල්ලා වංචාවක් සිදු කිරීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලද පැමිණිල්ලක් මත බිබිල ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් 48 සහ 49 වන වියේ පසුවන්නන්.
ඔවුන් අද (18) දිනයේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීම් සම්බන්ධ සිද්ධිවලට ගත් වූ පැය විසි හතරක කාලය තුළ පුද්ගලයින් 613ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි දී අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 104ක්.
බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති මාර්ග බාධක 13ක දී සිදු කළ පරීක්ෂා කිරීම්වලිනු යි මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත්තේ. මෙම මාර්ග බාධක අසල දී බස්නාහිර පාළතෙන් පිට වීමට හා ඇතුල් වීමට ගිය පුද්ගලයින් 1804ක් සමඟ වාහන 1168ක් ද පරීක්ෂා කර තිබෙනවා.
නිරෝධායන ඇඳිරි නීති කඩ කිරීම් සම්බන්ධ ව මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති පුද්ගලයින් ගණන 74,507ක්.
-------------------------------------
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |