සේවක හිඟය නිසා නීතියේ රැහැනින් බේරී සිටින වංචාකරුවන්..
අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමේ ටිකට්පත් නිකුත් කිරීමේදී වංචා සිදුකළ 19 දෙනෙකු හඳුනාගෙන ඇත.
නමුත් පවතින සේවක හිඟය හේතුවෙන් ඔවුන් සම්බන්ධයෙන් තවමත් නීතිය ක්රියාත්මක කිරීමට නොහැකිවී ඇති බව අද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී අනාවරණය කර තිබේ.