විශ්‍රාමික වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ප්‍රංශයේ විරෝධතා උග්‍ර වෙයි

By Sithumi Mar 18, 2023 06:02 PM GMT
Report

විශ්‍රාමික වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ප්‍රංශයේ දෙවන දිනටත් විරෝධතා උග්‍ර වී තිබෙනවා.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර මධ්‍යම පැරීසියේදී යළිත් දරුණු ගැටුම් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් පැවසුවේ

ඒ අනුව විරෝධතාවයේ නිරත පිරිස් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව සඳහන් මේ හේතුවෙන් ප්‍රවාහනය, පොදු සේවා සහ පාසල් යන අංශ රාශියකට ද බලපෑම් එල්ල වී ඇති අතර ඉන්ධන බෙදා හැරීම ද අඩාල වී තිබෙනවා

මෙලෙස ප්‍රංශය පුරා විරෝධතා ආරම්භවී ඇත්තේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමීමට එරට ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ගත් තීරණයට විරෝධය පළ කරමිනුයි ජනාධිපතිවරයා අදාළ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් සිදු කර නොමැති අතර උද්ඝෝෂකයන් පෙන්වා දෙන්නේ එම්මානුවෙල් මැක්රොන්ගේ මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කිරීමක් බවයි