අද හෙට සහ අනිද්දා යන තෙදින තුළ දිවයිනේ සියලු ප්රදේශවලට දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්.. කපන වේලාව මෙන්න
ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා විසින් අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව සඳහන් කරයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ අද (19) දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයි.
ඒ අනුව අද පස්වරු 4.30 සිට රාත්රී 8.30 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට බලාපොරොත්තුවන බව සඳහන්.