බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ ඩීසල් කාන්දුවක් - ප්රදේශවාසීන් බූලි රැගෙන ඩීසල් එක්රැස් කරයි
By Mithu
බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ අද (21) උදෑසන හදිසි ඩීසල් කාන්දුවක් සිදුව තිබේ.
පර්යන්තයෙන් කාන්දුවන ඩීසල් එහි ඇති කානු පද්ධතිය හරහා පිටතට ගලා ඒමට පටන් ගෙන ඇති අතර, ඒ හේතුවෙන් ප්රදේශවාසීන් උදෑසන සිටම බාල්දි සහ බූලි රැගෙන විත් එම ඩීසල් එක්රැස් කරන අයුරු දක්නට ලැබුණි.