තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට...
Police spokesman
Sri Lanka
Drugs
By Hashini
ගල්කිස්ස - බඩෝවිට ප්‍රදේශයේදී අපරාදයක් සිදු කිරීමේ අරමුණින් නිවසක රැඳී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස පොලීසියේ නිලධාරින් සැකකටයුතු නිවසක් පරීක්‍ෂා කිරීමේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය සහ කඩුවක් පොලිස් භාරයට ගත් බවයි.
මෙම සැකකරුවන් ඩුබායිහි සැඟව සිටින කොස්මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයන් බවයි වැඩිදුර පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ.
