ඉතිහාසය උඩු යටිකුරු කරමින්, ප්‍රථම වරට මෙරට රෝහලක වුණ විශ්මිත සිව් දරු උපත.. - වීඩියෝ දර්ශන සහිතයි..(VIDEO/PHOTOS)
මඩකලපුව ශික්ෂණ රෝහලේ වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට මවක් විසින් එක් කලලයක් තුළ නිරෝගී බිලිඳුන් හතර දෙනෙකු බිහි කර තිබෙනවා.
මෙලෙස එක කලලයකින් දරුවන් සිව් දෙනෙකු බිහිකළේ මඩකලපුව පුදුකුඩිරිපු ප්‍රදේශයේ පදිංචි හරිහරන් ක්‍රිෂ්ණවේණි නම් මවයි.
මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රසව වෛද්‍ය විශේෂඥ සරවනන් මහතා ප්‍රකාශ කලේ මෙවැනි ස්වභාවික පිළිසිඳ ගැනීමක් වෛද්‍ය ඉතිහාසයේ දුර්ලභ බවයි.
මෙම අලුත උපන් බිළිඳුන් මාධ්‍යයට පෙන්වූ අතර එම අවස්ථාවට මඩකලපුව ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ පී.මෛතිලි ඇතුළු වෛද්‍යවරුන් සහ හෙදියන් ද එක්ව සිටියේ ය.
රට ගිය අක්ක නංගිගේ විස්තරේ දීලා කරලා තියෙන හරියක්.. අවුරුදු 09කට පස්සෙ එළියට ආ පුදුම හිතෙන දෙය මෙන්න..
එසේම, එක් කලලයක් තුළ දරුවන් හතර දෙනෙකුගේ උපත කාන්තාවන් 5 ලක්ෂ 70 දහසකින් එක් අයෙකුට පමණක් සිදුවන අතර එය කෘත්‍රිම සිංචනය තුළින්ද සිදුවිය හැකි බව වාර්තා විය.
කෙසේ වෙතත්, මෙම දරුවන් සිව් දෙනාව බිහිකළ මව මඩකලපුව ශික්ෂණ රෝහලට ප්‍රසූතිය සඳහා ඇතුළත් කළ අවස්ථාවේ තමාට සෑම අතින්ම උපකාර කළ පුද්ගලයන්ට සිය ස්තුතිය පුද කර තිබෙනවා.
එම වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
.
-
NPP 0
Jathika Jana Balawegaya
0% -
SJB 0
Samagi Jana Balawegaya
0% -
NDF 0
New Democratic Front
0% -
ITAK 0
Ilankai Tamil Arasu Kadchi
0%