ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කොවිඩ් පොකුරක්

covid19 infections gampaha kalaniya divisional office
By Sewvandhi Aug 06, 2021 01:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ප්‍රාදේශීය ලේකම්වරිය ද මෙම කොවිඩ් ආසාදිතයින් අතර සිටින බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව ඔවුන් සියලුදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.

ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගනිමින් ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මේ අතර ඊයේ දින වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් 1885 ක් වේ. ඒ බව යුධ හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. ඒ අද දින මුල් වතාවේ වාර්ථා වූ ආසාදිතයන් ගණනයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 320,640ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,841 දෙනෙකු අද (05) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 286,365ක් දක්වා ඉහළගොස් ඇති බවය.

 එමෙන්ම ඊයේ දින (4) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 94 ක් වාර්තා වී ඇති බව රජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් පසුව නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 4821දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ තවත් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4821ක් ලෙසටයි. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 49ක් සහ කාන්තාවන් 45ක් වනවා.

අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කාන්තා මරණ දෙකක් ද මෙම පිරිසට අයත්. අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් 12ක් සහ කාන්තාවන් 7 දෙනෙකු ද මෙම මරණ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි පුද්ගලයන් 37ක් සහ කාන්තාවන් 36ක් ද මියගිය පිරිසට අයත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now